රනිල් වික්‍රමසිංහ

ලියාපදිංචි බදු ලිපිගොනු සංඛ්‍යාවේ සිදු වූ අඩු වීම ගැන ජනපති නිවැරදියි

"

2019 දී තිබුණු මුළු ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව මිලියන 1.5 ක්. 2021 දෙසැම්බර් මාසයේදී අපි උපයන විට ගෙවන බද්ද අහෝසි කරන විට තිබුණේ ආදායම් බදු ගොනු ලක්ෂ 4ක් පමණයි. ඒක මිලියන 1.5 ඉඳලා ලක්ෂ 4 දක්වා අඩු වෙලා.

ජනාධිපති මාධ්‍ය අංශය | ජනවාරි 28, 2023

true

නිවැරදියි

තොරතුරු පිරික්සීම

2019 වසර අවසන් වන විට ආදායම් බදු ලිපිගොනු මිලියන 1.5 ක් තිබූ බවත් 2021 වසර අවසන් වන විට ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 4 දක්වා පහත වැටී තිබූ බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කරයි. ආදායම් බදු ලිපි ගොනු සංඛ්‍යාව 2019ට සාපේක්ෂව 2021 වසරේදී අඩු වීම, 2020 දී සිදු කරන ලද බදු සංශෝධන වෙත බැර කිරීමේ සන්දර්භය තුළ ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය සිදු කරන ලදි. 

මෙම කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරිම සඳහා, FactCheck.lk විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා පරිශීලනය කර ඇත. 

සමාගම් සහ පෞද්ගලික යන දෙවර්ගයටම අයත් ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව එකතු කළ විට, 2019 සහ 2021 දෙසැම්බර් මාසය අවසන් වන විට පැවති මුළු ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව පිළිවෙලින් 1,505,552ක් සහ 409,814 ක් වූ බව එම කාර්ය සාධන වාර්තා පෙන්වා දේ (අංක 1 වගුව බලන්න). ඒ අනුව, ආදායම් බදු ලිපි ගොනුවල 73% ක අඩු වීමක් එම වාර්තා මගින් දැක්වෙන අතර එම අගය ජනාධිපතිවරයා උපුටා දක්වන ලද සංඛ්‍යා සමඟ ද සමපාත වේ. 

එබැවින්, අපි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිවැරදියි යනුවෙන් වර්ගීකරණය කරමු. 

* FactCheck.lkහි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. අපගේ සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lkහි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

අතිරේක සටහන: වෙන් වෙන් ලිපිගොනු වශයෙන් ගත් කළ, 2019 දී බදු ලිපි ගොනු 1,430,988 ක් පැවති උපයන විට ගෙවීමේ බදු සඳහා ලියාපදිංචිව සිටි සංඛ්‍යාව ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආදායම් බදු ලිපි ගොනුවලට ඇතුළත් වී ඇත්තේ ආදායම් බදු ගෙවීමට ඉඩකඩ ඇති පුද්ගලයින්ගෙන් සීමිත උපකුලකයක් පමණක් බව අංක 1 වගුවෙන් පෙනී යයි. 2019 දී පැවති පුද්ගල බදු ලිපිගොනු සංඛ්‍යාව රැකියා නියුක්ත ජනගහනයෙන් 17% ක් පමණක් ද, එම වර්ෂය වන විට ලියාපදිංචි වාහනවලින් 18% ක් පමණක් ද වීම යන කරුණු 2 මගින් මේ බව පෙන්නුම් කරනු ලැ‌බේ. 

අංක 1 වගුව: ලියාපදිංචි බදු ගෙවන්නන් සංඛ්‍යාව, 2019-2021 

මූලාශ්‍රය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2018-2021, ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය වාර්ෂික වාර්තාව 2021, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාන අත්පොත 2022 

සටහන: ගණනය කිරීමේදී සිදු වූ දෝෂ හේතුවෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද 2018 වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ 2.1 වගුව මගින් ආදායම් බදු ගෙවන්නන් සංඛ්‍යාව 986,684 යනුවෙන් ද, මුළු බදු ලිපිගොනු සංඛ්‍යාව 1,182,736 ක් යනුවෙන් ද වාර්තා කර ඇත (පිටුව 35). 

පුද්ගල ආදායම් බදු අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) යෝජනා ක්‍රමය යටතේ ආදායම් බදු ගෙවන පුද්ගලයින් සහ සේවා නියුක්තිකයින්ගේ එකතු 



මූලාශ්‍රය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2018, ප්‍රවේශය; http://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IT_PR_2018_E.pdf  [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 17].

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2019, ප්‍රවේශය; http://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IR_PR_2009_E.pdf [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 17].

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2021, ප්‍රවේශය; http://www.ird.gov.lk/en/publications/Annual%20Performance%20Report_Documents/IR_PR_2021_E.pdf [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 17].

ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණය, වාර්ෂික වාර්තාව 2021,ප්‍රවේශය;  http://www.statistics.gov.lk/LabourForce/StaticalInformation/AnnualReports/2021  [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 17].

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සංඛ්‍යාන අත්පොත 2022, ප්‍රවේශය; http://www.statistics.gov.lk/Publication/PocketBook [අවසන් වරට ප්‍රවේශ වූයේ 2023 මාර්තු 17].

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත.