April 28, 2024

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය ගැන අවසන් තීරණය ගනී

තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිතව ඇති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන අවසන් සංචිතය ඊයේ (10) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

15 දෙනෙකුගෙන් සමන්විතවන සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරන අතර උප නායකත්වය දරන්නේ ධනංජය ද සිල්වා විසින්.

කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ බිනුර ප්‍රනාන්දු සෙසු ක්‍රීඩකයින් වනවා.

ICC ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය මෙම මස 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා පිටි සහ අනෙකුත් කටයුතු සියල්ල මේවන ලහි ලහියේ සූදානම් වෙමින් පවතින බව යි ක්‍රීඩා පුවත් ආරංචි මාර්ග පවසන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 11 October 2021 08:45